බැංකු කාඩ් එකෙන් බස් එකේ ටිකට් ගන්න අද සිට අවස්ථාව

මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද සිට ගෙවීමේ හැකියාව ලබා දීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබා නොදීම ආදී ගැටලුවලට විසඳුමක් ලෙස මෙලෙස බැංකු කාඩ්පත් හරහා ගාස්තු ගෙවීමේ පහසුකම හදුන්වා දී ඇත.

ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබන අතර පළමු අදියර ලෙස මාර්ග 20ක පමණ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *