බීමත් රියැදුරන්ට බැලුම පිඹීමට පැය 24ක් ?

රිය අනතුරකදී අත්අඩංගුවට ගත් හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගේ මත්පැන් පානය සම්බන්ධ පරීක්ෂණය දිනක් ප්‍රමාද වීම දැඩි ලෙස විවේචනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත කියා සිටින්නේ, ඉදිරියේදී බීමතින් රිය පදවන රියැදුරන්ට බැලුම පිඹීම සඳහා පැය 24ක කාලයක් ලබා දීමට සිදු වනු ඇති බවයි.

ඔහු මෙම ප්‍රතිචාරය දැක්වූයේ හිටපු කතානායකවරයා සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රමාදය පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමිනි .

ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, හිටපු කතානායකවරයෙක් සම්බන්ධ වූ අවස්ථාවක් හේතුවෙන් මෙහිදී නීතිය නැමුවාද යන ගැටලුව මතුවන බවයි.

එමෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු ඉතා අසරණ බවක් පෙන්නුම් කළ බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි තත්ත්වයන් තුළ නීතිය සමානව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මහජනතාව තුළ දැඩි සැකයක් ඇති වන බවද ප්‍රේමනාත් දොළවත්ත මහතා පෙන්වා දුන්නේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *