බෝම්බ ගහලා ගෝඨාව බලයට ගේන්න වැඩකළේ jvp එකද ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පසුගිය වකවානුවේ දැඩි ලෙස සමාජයේ කතාබහට ලක් වූ හඩපට සිදුවීම් පිළිබඳ ඊයේ(11) නැවතත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ඳයෙන් සිදු කළ අදහස් දැක්වීමක දී.

එහිදී ඔහු සඳහන් කළේ රන්ජන් රාමනායක මහතාගේ හඬපටයක ශානි අබේසේකර මහතා පැහැදිලිවම පවසන්නේ ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවේ සිටි ඉබ්‍රහිම් මහතාගේ පුතුන් දෙදෙනා බෝම්බ දැමූ බවට ඔහු නොදන්නේ නම් ඔහු පියෙක් නොවිය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා,

“තමන්ගේ පුතුන් දෙදෙනත් මරාගෙන තමන්ගේ ලේලියත් මරාගෙන දරුවක් බඩේ ඉන්නකොට තව මිණිබිරි මුණුබුරන් මරාගෙන ගොඨාභය රාජපක්ෂ බලයට ගේන්න කටයුකු කරයි කිව්වට මට තේරන්නේ,එහෙනම් ගොඨාභය රාජපක්ෂ බලයට ගේන්න කටයුතු කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය කියලා.ඒ විදිහට බලපුවාම.ඒ නිසා මේක උගතොකෝටියක් වෙලා තියෙන්නේ,ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා මේක ස්වාධීන පරීක්ෂණයක් විදිහට ක්‍රියාත්මක කරන්න..”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *