“මට තෙල් ළිං නැහැ… මිල වැඩි කළේ මට ලාභ ගන්න නෙමෙයි..”

පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම ඉටු කිරීමට මිස රජය හෝ තමා ලාභ ලැබීමේ අරමුණින් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ (10) පස්වරුවේ පැවති තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ පවතින අවිනිශ්චිතතාවයන් හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඔහු පෙන්වා දෙනවා.

තමා තෙල් ළිඳක අයිතිකරුවෙකු හෝ තෙල් සමාගමක නියෝජිතයෙකු නොවන බවත්, මිල වැඩි කිරීම හරහා පෞද්ගලික ලාභ ලැබීමේ පරමාර්ථයක් තමාට නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ,

“මාසදෙකකට වඩා මේ යුද්ධය ඇදුනොත් මං හිතන්නේ අපේ පුරෝකතන වලින් තේරුමක් නැහැ. ඒ කියන්නේ මේ යුද්ධය ක්‍රියාත්මක වෙන අවස්ථාව කියලා කියන්නේ යුද තාක්ෂණය මහා පෙරළි අත්පත් කරලා තියෙන යුගක්. තාක්ෂණ විද්‍යාව විසින් යුද්ධයට විශාල ඵලයන් නිර්මාණය කරලා තියෙන යුගයක්. අපි කවුරුත් අපේ ජීවිතවල අත්විඳලා නෑ එවැනි තාක්ෂණික යුගයක යුද්ධයක් ගැන. යුද්ධය හවුල් වුණ හැම පාර්ශ්වකරුවම කියනවා අපි තාමත් අපේ ප්‍රබලතම අවි සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරේ නෑ කියලා. එතකොට මේ විනාශය අපි දකින්නේ ප්‍රබලතම අවි සහ මෙහෙයුම් නැතුව. ඒක අපි දන්නවනේ. ඒ නිසා ප්‍රබලතම අවි සහ මෙහෙයුම් විසින් කවර විනාශයක් ගෙනත් දෙවිද කියලා අපට පුරෝපතනය කරන්න පුළුවන්ද? එ නිසා අපිට පුරෝකතනය කරන්න පුළුවන් කෙටිකාලෙකට. ඒ කාලේ ඉක්මවා යුද්ධය ඇදෙන්වා නම් කිස්දු ජගතෙක්ට පුරෝකතනය කරන්න බැහැ. යුද්ධයට මැදිහත් වෙලා ඉන්න පාර්ශ්වකරුවන්ටත් පුරෝකතනය කරන්න බෑ කියලා මම හිතනවා මාස දෙකකට වඩා.

මම තෙල් ලිං අයිතිකාරයෙක් එනිසා මට ලාභ ගන්න වැඩි කරනවා නෙවෙයි මේ. එහෙම නැත්නම් මම තෙල් සමාගමක ඒජන්තයෙක් මට ලාභ ලබා ගැනීම සඳහා තෙල් වැඩි කරනවා නෙවෙයි මේ. මම තෙල් සමාගමේ නෙවෙයි කවර සමාගමකවත් තේජාන්තයෙක් නොවේ මම. හැබැයි අපිට වගකීමක් තියෙනවා ආණ්ඩුවක් හැටියට මේ බලශක්ති සැපයුම අඛණ්ඩව සපයන්න. ඒ සැපයීම සඳහා අවශ්‍ය මූල උපායන් සියල්ල අපි සකස් කරනවා. අභ්‍යන්තරය ඇතිවුණු කම්පනයට අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි බාහිර කම්පනයට මුහුණ දෙන්න අපුට තව කාලයක් යයි…”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *