හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ වන විට රටේ ජනාධිපති වී සිටියා නම් නොබෙල් සාම ත්‍යාගය පවා හිමිවීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
තමා ඇතුළු කණ්ඩායම සැමවිටම රටේ සමාජ ව්‍යසන වලින් ජනතාව මුදවා ගැනීම උදෙසා කටයුතු කළ බවත්, අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතාව මිනීමරුවෙකු, හොරෙකු බවට පත් කළ බවත් ඔහු කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,
“අපි හැමදාම උත්සහ කරේ මේ රටේ සමාජ ව්‍යසන වලින් ජනතාව මුදවාගන්න. අපි LTTE එකත් එක්ක හැප්පුනේ සමාජ ව්‍යසනය නවත්තන්න. නැත්තම් අපිටත් තිබ්බා ඔයාලා ඒ පැත්ත බලාගන්න අපිත් මේ පැත්ත බලාගන්නම් කියලා. මහින්ද මහත්තයා හිටියා නම් අද සමහරවිට නොබෙල් සාම ත්‍යාගයත් හම්බෙලා. අන්තිමට එතුමාව ලෝකය මිනීමරුවෙක්, හොරෙක් බවට පත් කළා. මොකද්ද හේතුව? LTTE එක පරාජය කරපු නිසා.
ඒ වගෙම තමයි කොවිඩ් 19 වසංගතය ආපු වෙලාවේ අපිට තිබ්බේ සමාජ ව්‍යසනයක් වළක්වනවද ආර්ථිකය පැත්‍තටම ඔලුව දාගෙන IMF එක සහ අනිත් ආයතන කියන විදිහට ඉන්නවද කියන එක…”



