හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් විසින් තම ආරක්ෂක කටයුතු සඳහා රජයට භාර දුන් වාහන යළි ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ඉල්ලීම් මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සමලෝචනය කරමින් සිටින බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍ය විජේපාල මීට පෙර පවසා සිටියේ වාහන ඉවත් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යම් බලපෑමක් හෝ අවදානමක් එල්ල වන්නේ නම්, එම වාහන යළි ලබා දීමට හැකියාවක් පවතින බවයි.
එසේම හිටපු ජනාධිපතිවරුන් ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අදාළ නොවන බවද එහිදි සඳහන් කෙරිණි.



