මහ සඟ සමුළුව අද කොළඹදී

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරන මහා සඟ සමුළුව අද (27) කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබේ. 

‘සුඛා සංඝස්ස සාමග්ගී’ යන තේමාව යටතේ සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති අනර්ථකාරී තත්ත්වයට එරෙහිව මෙම සඟ සමුළුව පැවැත්වෙන බව සඳහන්ය. 

ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ ක ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමි, 

“ශාසනාරක්ෂක සංඝ සභාව මගින් ‘සුඛා සංඝස්ස සාමග්ගී’ තේමාකරගනිමින් සංඝයාගේ සමගිය වෙනුවෙන් රටට සම්බුද්ධ ශාසනයට, රට දැය සමය ගොඩනගන්නට, ඉදිරියට ගෙන යන්නට, අරමුණු කරගනිමින් අපි අද දවසේදී සවස 2.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයදී මහා සඟ සමුළුවක් පැවැත්වීමට සියලුකටයුතු මේ වනකොට සූදානම් වෙලා තිබෙනවා. දහස් ගාණක් මහා සංඝරත්නය සිව්දිගින්, මුළු මහත් ලංකාවම නියෝජනය කරමින් වැඩම කරවන්නට නියමිතයි. වර්ථමානය වනවිට රටේ සාසනික වශයෙන් ඇතිවී තිබෙණ විවිධ අර්බුද කාරී තත්ත්වයන් සමනය කරන්නට අදාළ බලධාරීන්ට යෝජනාවලියක් සම්මත් කරගෙන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *