මාර්ග රැසක් යළි ගමනාගමනයට විවෘත කෙරේ

අයහපත් කාලගුණයත් සමග ජල ගැලීම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අවහිරවී තිබූ ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

ඒ අනුව ඇල්ල – වැල්ලවාය, කොළඹ – අනුරාධපුර 57 මාර්ගය, මහනුවර – යාපනය, කුරුණෑගල – ත්‍රිකුණාමලය, පානදුර – රත්නපුර යන මාර්ග ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ.

මීට අමතරව කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයෙන් අවහිරවී තිබුණේ පස් කන්දක් නායයාම හේතුවෙන්.

කෙසේවෙතත් මේ වන විට අදාළ ප්‍රදේශයෙන් එක් මන්තීරුවක් විවෘත කර තිබෙනවා.

එමෙන්ම පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය ද දින 4 කට පසු මේ වන විට විවෘත කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද දිනයේ අඹේපුස්ස දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

තවද, පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ද කොච්චිකඩේ දක්වා සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම කැළණි ගඟේ අවසන් ජල මාපකය වන නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටමෙහි පහළ යාමක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, කොළොන්නාව, වැල්ලම්පිටිය, අඹගහහන්දිය, අංගොඩ, අඹතලේ, ඇතුළු ප්‍රදේශ රැසක් මෙන්ම ඒවායේ අතුරු මාර්ග ද තවදුරටත් ජලයෙන් යටව පවතින බවයි වාර්තා වන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *