ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ තානාපති මසූඩ් ඉමාඩ් පසුගිය සිකුරාදා උදෑසන බත්තරමුල්ලේ පිහිටි නෙළුම් මාවතට පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවීමටයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු පක්ෂ ප්‍රධානීන් කිපදෙනෙකුත් ඒ අවස්ථාවට එක්ව සිටියා.
Good moing Ambassador how are you ? යනුවෙන් නාමල් බොහොම චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් සාකච්ඡාවට මුලපිරුවා.
නාමල්ට ප්‍රතිචාර දැක්වූ මාලදිවයිනේ තානාපති මසූඩ් ඉමාඩ් ඊට පස්සෙ කියපු කතාවෙන් හැමෝම පුදුම වුණා.
මට හොඳට සිංහල පුළුවන් . ඕන නම් අපි සිංහලෙන් කතා කරමු යනුවෙන් යෝජනා කළේ මාලදිවයිනේ තානාපතිවරයායි.
හරිම හොඳයි එහෙනම් අපි සිංහලෙන් කතා කරමු යනුවෙන් නාමල් ද තානාපතිවරයාට ප්‍රතිචාර දැක්වූවා.
එතකොට ඔබතුමා ඉගෙන ගත්තෙ කොහෙන්ද ? එහෙම ඇහුවෙ සාගර කාරියවසම්
මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. යනුවෙන් තානාපතිවරයා ඊට පිළිතුරු ලබා දුන්නා.
ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ තානාපතිවරයා කතා කරපු කාරණා වගේම ඔහුගේ සිංහල භාෂා ප්‍රවීණත්වය ගැනත් නාමල් ස්තුතී පූර්වකව කතා කළා.



