මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීමක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පුහුණු කටයුතුවලට එක්ව සිටින බව වාර්තා වෙනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් කෙටි කාලසීමාවක් සඳහා මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවයි.

ලසිත් මාලිංග මීට පෙර ද අවස්ථා කිහිපයකදීම උපදේශක මට්ටමින් කෙටි කාලීන වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙත සිය දායකත්වය ලබා දී තිබෙනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *