මාලිමා මන්ත්‍රීන්ට හිමි වැටුප් හා දීමනා ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් වලට

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන මාසික වැටුප හා දීමනා ඔවුනගේ නමින් ඇති බැංකු ගිණුම් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණ ලිඛිත ඉල්ලීම කට අනුව වැටුප් හා දීමනා ඔවුන්ගේ නමින් ඇති බැංකු ගිණුම් වෙත යොමු කෙරෙන බව එම නිලධාරියා අනාවරණය කළේය.

මෙතෙක් එම මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා පක්ෂයේ පොදු ගිණුමට බැර වූ අතර ඊට විරුද්ධව විපක්ෂය විසින් පසුගිය කාලය තුළය දැඩි විරෝධතාවක් මතුකළේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් දත්ත වලට අනුව දිවයින පුවත්පත වාර්තා කර තිබෙන පරිදි මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285 ක්. රුපියල් 1000ක මාසික සංග්‍රහ දීමනාව, රුපියල් 50,000ක දුරකථන දීමනාව, රුපියල් 15,000ක ප්‍රවාහන වියදම් දීමනාව, රුපියල් ලක්ෂක කාර්යාල දීමනාව, රුපියල් 2500 බැගින් වන රැස්වීම් සහ කාරක සභා පැමිණීම් දීමනාව ද ඔවුන් වෙත ලබාදෙනු ලැබේ.

ඊට අමතරව මන්ත්‍රීවරුන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුව අතර ඇති දුර සලකා ඉන්ධන දීමනාවක් ලබාදෙනු ලැබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ලබන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඩීසල් ලීටර් 419.76 කි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *