මාලිමා මන්ත්‍රී එක්ක පැටලුණු පොලිස් නිලධාරියා කියන කතාව

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහහනම ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) දින මානව හිමිකම් කොමිෂන් සභාවේ රත්නපුර උප කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ මෙම පොලිස් කොස්තාපල්වරයා සිය බිරිඳ සහ දරුවා සමඟ එම කාර්යාලයට පැමිණ පැමිණිලි කළේ තමන්ට සාධාරණයක් ඉටුකර දෙන බව පවසමින්.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රත්නපුර දිසාව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර වෙත ගොස් තමන්ට අසාධාරණයක් වූ බවත්, තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් පවසමින් ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර තමන් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර හමුවීමට ගිය අවස්ථාවේ ඇය තමන් මඟහැර වෙනත් නිලධාරියෙකු ඒ සඳහා එවූ බවත් වැඩතහනමට ලක්ව සිටින අදාළ පොලිස් කොස්තාපල්වරයා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ, තමාට පහර දුන් කිසිදු කෙනෙක්ව මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සම්පූර්ණ වරද තමා පිට පටවූ බවත් ඔහු කියා සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අදාළ කොස්තාපල්වරයා සඳහන් කළේ,

“ජීවත් වීම සඳහා තමාට වෙනත් කිසිදු මාර්ගයක් නොමති බවත්, රජයේ වැටුපෙන් පමණක් යැපුන බවත්, කිසිදු දීමනාවක් මේ වන විට ලබා නොදෙන බවයි. රාජකාරියක් කරන්න ගිහිල්ලා තමයි මේක නැති වුණේ. ජරා වැඩක් කරන්න ගිහිල්ලා මේක නැති උනානම් මට කවුරුවත් කතා කරන්නේ නෑ. මම සාධාරණ ජොබ් එකක් කරන්න ගිහිල්ලා තමයි මේක නැතිවෙලා තියෙන්නේ. මම විතරක් නෙවෙයි මං ඇතුළ නිලධාරින් 4දෙනෙක්. ඉතින් ඒක නිසා මට සාධාරණයක් මම බලාපොරොත්තු වෙනවා. ලෝන් එකට කැපෙනවා.රුපියල් 30,000ක ලෝන් එකක් ගත්තා. එක අරන් දැන් මාස 4යි. මගේ බයිපාස් එකට ණයට ගත්ත සල්ලි ටික ගෙව්වා. කාමර දෙකක් හදාගෙන තියෙනවා. ලොකු ගෙයක් නෑ.ලෝන් එක අතට ගත්තට පස්සේ රුපියල් 30,000ක් විතර අතට එනව. බටා එකත් එක්ක තමයි මේ රුපියල් 20,000 ත් එක්ක තමයි ඉතින් අපි රෝල ගහගෙන යන්නේ. ඊට අමතරව ඉතින් නෝනා කුලී වැඩක් හරි කරනවා. අපිට අමාරුයි ජීවත් වෙන්න. කාටවත් බරක් නොවී ජීවත් වෙච්ච එක තමයි කලේ. මගේ රාජකාරිය හේතු කරගෙන තමයි ඉතින් මේ ප්‍රශ්න උදා වුණේ. ඒක නිසා මට සාධාරණයක් කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ…”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *