“නලින්ද පත් කළෙත් කෙහෙළියගේ කමිටුවමයි..”

‘ඔන්ඩන්සෙට්‍රෝන්’ (Ondansetron) ඇතුළු ඖෂධ 10ක් භාවිතයෙන් ඉවත් කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති   විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට  අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ හිටපු  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය […]

මත්තල ගුවන්තොට ගොඩගන්න පෞද්ගලික හවුල්කාරීත්වයක්

දිගින් දිගටම පාඩු ලබමින් පවතින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) වැඩපිළිවෙළක් යටතේ පෞද්ගලික අංශයට පැවරීම සඳහා විශේෂ යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ‘ලංකාදීප’ පුවත්පතට පවසා තිබෙනවා. අමාත්‍යවරයා පවසා ඇත්තේ, අදාළ යෝජනාවලිය නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි. ඉන් අනතුරුව ගුවන්තොටුපළේ […]

ධම්මික ප්‍රසාද්ට අමෙරිකාවෙන් ලොකු වගකීමක්

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් අමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේගපපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පත්කර තිබේ. එම වගකීමට අනතුරුව ඔහුට කණ්ඩායමේ සහායක පුහුණුකරුගේ වගකීමද ලබාදී ඇත. 2026 ලෝක කුසලානයට සහභාගිවීම සඳහා අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම් ජනවාරි මස 10වනදා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඔවුන් සිය ලෝක කුසලාන පුහුණුවීම් කටයුතු […]

ඩග්ලස් දේවානන්දා රඳවා ප්‍රශ්න කරයි

පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ. ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා […]

සීදුව සමාජ ශාලාවකට ප්‍රහාරයක් සැලසුම් කළ 06ක් අත්අඩංගුවට

සීදුව පොලිස් වසමේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු පෙට්‍රල් බෝම්බ හයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා. එම සැකකරුවන් අතර එම ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු , ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ගලයෙකු වන බව ‍පොලිසිය සඳහන් කරනවා. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම […]

පෙරටුගාමීගෙන් ආණ්ඩුවට අභියෝගයක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් මෙරට ආර්ථිකයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් රජය සෘජු ප්‍රකාශයක් සිදුකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබද ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් පිරිසක් විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි සැලකිල්ලක් […]

“පොලිස්පතිට ලැජ්ජාවක් නෑ.. වවපු එකා එළියේ අල්ලපු එකා ඇතුළේ..”

පසුගියදා ඇතිවුණු ආපදා තත්වය රටට දැනුම් දුන් පුද්ගල‍යින්ට හෝ මාධ්‍ය ආයතනවලට දඬුවම් කිරීමට උත්සහ කිරීම සාධාරණ නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබදෙමින් ඔහු මේ බව සඳහන් කළා. එමෙන්ම, සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමඟ […]

2026 ඡන්දදායක සංගණනය පෙබරවාරි 1 සිට

2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය සදහන් කළේ, පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බවය. ඔවුන් සංචාරය කරනු ලබන්නේ අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීමට අදාළ නිවාස සඳහා […]

හිටපු අගමැතිට තවත් වසර 15ක සිර දඬුවමක්

මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් ඊයේ (26 ) තීන්දු කර තිබේ. මැලේසියාව තුළ මෙතෙක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාවට චෝදනා එල්ල සිටින නජීබ් රසාක්, 2022 වසරේ සිට මේ වනවිට සිර දඬුවම් විදිමින් සිටී. එම සිර දඬුවම […]

මාලිමා මන්ත්‍රී එක්ක පැටලුණු පොලිස් නිලධාරියා කියන කතාව

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහහනම ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) දින මානව හිමිකම් කොමිෂන් සභාවේ රත්නපුර උප කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ මෙම පොලිස් කොස්තාපල්වරයා සිය බිරිඳ සහ දරුවා සමඟ එම කාර්යාලයට පැමිණ […]