මැඩගස්කරයේ පාලනය එරට හමුදාව අත්පත්කරගනී

මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා බලයෙන් පහ කර එරට පාලන බලය හමුදාව යටතට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සති කිහිපයක් පුරා පැවති තරුණ විරෝධතා හේතුවෙන් එරට හමුදාව විසින් ජනාධිපති රාජොයිලිනා ඊයේ බලයෙන් පහ කර තිබේ. ඔහු, මේ වන විට ජනාධිපති මන්දිරයෙන් පිටත ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින බව වාර්තා වේ.

හමුදා ප්‍රධානි කර්නල් මයිකල් රැන්ඩ්‍රියානිරිනා එරට බලය තහවුරු කර ඇති අතර, ඔහු ප්‍රකාශ කරන්නේ, වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි.

තරුණ විරෝධතාකරුවන්ගේද සහයෙන් එරට පාලනය ගෙන යන බවද හමුදා ප්‍රධානියා පවසා ඇත.
විරැකියාව, විදුලි ඇණහිටීම, උද්ධමනය යන කරුණු රැසක් මූලික කර ගනිමින් සති ගණනාවක් පුරා එරට තරුණ විරෝධතා පවත්වන ලදි.

 
 
 
 
 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *