මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්රි රැජොයෙලිනා රටින් පලාගොස් ඇති බව තහවුරු වී ඇතැයි එරට මාධ්ය වාර්තා කරනවා.
මෙම ඉවත් වීම සිදුවූයේජනතා විරෝධය මධ්යයේ දේශපාලන අර්බුදය උත්සන්න වී ඇති පසුබිමකයි.
ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සමඟ ඇති කරගත් ගිවිසුමකින්පසුව ඔහු දේශපාලන රැකවරණ පතා ප්රංශයට පලාගොස් ඇති බවට එරට වාර්තාවක් අනාවරණය කරනවා.
කෙසේ වෙතත්, ප්රංශ බලධාරීන් අවධාරණය කළේසැප්තැම්බර් 25 සිට රට දෙදරා ගිය මැඩගස්කරයේ අභ්යන්තර අර්බුදයට ඔවුන් මැදිහත් නොවනබවයි.
පුළුල් ජල හා විදුලි කප්පාදුවහේතුවෙන් රටේ නොසන්සුන්තාවය ආරම්භ වුණා.
එහෙත් එය ඉක්මනින්මරැජොයෙලිනාගේ ඉල්ලා අස්වීමඉල්ලා සිටිනජාතික ව්යාපාරයක්දක්වා වර්ධනය වීම කැපී පෙනෙන්නක්.
විරෝධතා විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශබලය භාවිතා කර ඇතිඅතර, විරෝධතාකරුවන්ට පිටුබල දුන් නිලධාරීන් විසින්පැරාමිලිටරි ගරිල්ලා ඒකකයේ පාලනය සියතට ගෙනතිබෙනවා.
ජනාධිපති රැජොයෙලිනාගේ ඉවත් වීම තහවුරු කිරීමට පෙර ඔහුගේසිටි තැනක් ගැන පැහැදිලි අදහසක් කිසිවකුට නොවු බව එරට වාර්තාවල දැක්වෙනවා.
අද පස්වරු 7 ට (GMT 4 ට) ඔහු ජාතිය ඇමතීමටනියමිතව සිටි බව ජනාධිපති කාර්යාලය සිය නිල ෆේස්බුක් පිටුවේ නිවේදනය කර තිබුණා.
කෙසේ වෙතත්, විරෝධතාවලට සහාය දුන් නිලධාරීන් ගරිල්ලා ඒකකයේ පාලනය සියතට ගත් බව පැවසූ දා සිට රැජොයෙලිනාප්රසිද්ධියේ කතා කර නැහැ.
මේ අතර, ජනාධිපති කාර්යාලය ඉරිදා දිනයේ අනතුරු ඇඟවූයේකැප්සැට්සාමාජිකයන් විසින් කුමන්ත්රණයක් කිරීමට උත්සාහ කරනබවයි.
Capsatයනු 2009 කුමන්ත්රණයකදී රජොයෙලිනාට බලය අල්ලා ගැනීමට උදව් කළ ප්රභූ ඒකකයක්.
අගමැතික්රිස්ටියන් න්ට්සේසහ ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන ව්යාපාරිකමාමි රවතොමන්ගායන අය පසුගිය සෙනසුරාදා රාත්රියේ පුද්ගලික ජෙට් යානයකින් මොරිෂස් බලා පියාසර කර තිබුණා.



