මැදපෙරදිගට මෙන් සාමයට මැදිහත් වෙන්න – යුක්රේනය, ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

‘මැදපෙරදිග’ මෙන් යුක්රේනයේ සාමය සඳහා ද මැදිහත් වන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ, දුරකථන ඇමතුමක් අතරතුරයි.

එක් යුද්ධයක් නැවැත්විය හැකි නම්, අනෙක් යුද්ධයන් ද නැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයාට හැකියාව ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා එහිදිී පවසා ඇත්තේ.‍

රුසියාව, යුක්රේනයේ බලශක්ති ජාලයට මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කිරීමෙන් දිනකට පසුව එම ඇමතුම ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම රුසියානු ප්‍රහාරය මඟින් යුක්‍රේන අගනුවර සමහර කොටස් සහ තවත් යුක්රේනයේ කලාප නවයකට විදුලිය විසන්ධි වී තිබුණා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *