මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක්

ව්යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරිමේ සිද්ධි සම්බන්ධයෙන් මොටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන්.
ව්යාජ තොරතුරු යොදා ගෙන ලියාපදිංචි කළ වාහන 8ක් දිවයිනේ විවිධ ප්රදේශවලින් පසුගියදා හමුවූ බව පොලීසිය සඳහන් කළා.
ඒ සම්බන්ධ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම වාහන රේගුවට වසන් කර මෙරටට ආනයනය කර පසුව පැරණි වාහනවල චැසි අංකවලට ලියාපදිංචි කර ඇති බවයි.
එම ජාවාරමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ සහය ලැබී ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.
පොලීසිය සඳහා කළේ ඇතැම් මොටර් රථ ලියාපදිංචිය සඳහා දත්ත පරිගණකවලට ඇතුළත් කර ඇත්තේ කාර්යාලයීය වේලාවලින් පසුව බවද විමර්ශනවලදී හෙළිවූ බවයි.
ඒ අනුව අධිකරණ නියෝග මත මොටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපදෙනෙක්ගෙන් මේ වන විටත් ප්රකාශ ලබාගෙන ඇති බව පොලීසිය ප්රකාශ කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *