අද (30) දහවල් 2.50ට පමණ මෝදර පොලිස් වසමේ අළුත් මාවත පාරේ පිහිටි එලි හවුස් උද්‍යානය ඉදිරිපිට ඉදිකර ඇති තාප්පය අසල කළු පැහැති පාසල් බෑගයක් තුළ බෝම්බ ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලද තොරතුරකට අනුව කැලණිය පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිළධාරීන් එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරිමේදී එම ස්ථානයේ තිබී ජීව අත්බෝම්බ 10 ප්‍රමාණයක් සොයාගෙන ඇත. ( SFG 87 වර්ගයේ බෝම්බ 03ක් සහ Type 82 වර්ගයේ බෝම්බ 07 ක්)
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා මෝදර පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.



