සදාචාර විරෝධී ක්‍රියාවන් ගැන ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශි නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. රටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පරිපාලනයෙහිලා යමෙක් උත්සාහ දරන්නේ නම් එය රාජ්‍යය […]

තාජුඩීන් ඝාතනය පිටුපස කජ්ජා සිට ඇතැයි අනාවරණයක්

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා අද අනාවරණ කළේය. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය. කොළඹ […]

සහල් කොල්ලයකටත් සම්පත් මනම්පේරිට වරෙන්තු

2009 වසරේදී කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේදී ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකු බියගන්වා සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මේ වන විට මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන සම්පත් මනම්පේරි නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් […]

මෝදරින් බෝම්බ තොගයක් මතුවෙයි

අද (30) දහවල් 2.50ට පමණ මෝදර පොලිස් වසමේ අළුත් මාවත පාරේ පිහිටි එලි හවුස් උද්‍යානය ඉදිරිපිට ඉදිකර ඇති තාප්පය අසල කළු පැහැති පාසල් බෑගයක් තුළ බෝම්බ ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලද තොරතුරකට අනුව කැලණිය පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිළධාරීන් එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරිමේදී එම ස්ථානයේ තිබී ජීව අත්බෝම්බ 10 ප්‍රමාණයක් […]

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 102.30කින් (0.47%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනූව ඒකක 21,778.60ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය වාර්තා වෙනවා. මේ අනූව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 6.3ක්.

ආසියානු කුසලානය තැපෑලෙන් එවන්න .. නැත්නම් බලාගමු

ආසියානු කුසලාන අවසන් මහා තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම විසින් සම්මාන ප්‍රදානෝත්සවයේදී කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්වි විසින් එම කුසලානය සහ පදක්කම් රැගෙන ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනික හේතු මත මොහ්සින් නක්විගෙන් කුසලානය භාර නොගැනීමට තීරණය කළ බවයි. කුසලානය […]

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වැනි දිග හැරුම අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තව සුළු මොහොතකින් ඉන්දියාවේ ගුවහාති හීදි ආරම්භ වීමට නියමිතය. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4කදී […]

යූ ටියුබ් වෙතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 24.5ක වන්දි

2021 ජනවාරි 06 වැනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, තම යූ ටියුබ් නාලිකාව අත්හිටුවීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොනු කරන ලද නඩුවක් සමථයකට පත් කරමින්, යූ ටියුබ් සමාගම ඩොලර් මිලියන 24.5ක් ගෙවීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. යූ ටියුබ් සමාගම, ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද හිමිකම් පෑම් සමථයකට පත් කිරීම සඳහා […]

රාජිතගේ පෙත්සම විසිවෙයි

ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු […]

සතීෂ් ගමගේට ඇප

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේ මහතාවට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, […]