රජයේ වෛද්‍යවරුගේ තීරණාත්මක සාකච්ඡාවක් අද

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව අද (31) යළි රැස්වනවා.

ඒ ඔවුන්ගේ ගැටලු විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් පැය 48ක කාලය ඊයේ අවසන් වීම හේතුවෙන්.

ඒ අනුව, අද රැස්වන විධායක සභාවේදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද හයවන දිනටත් ක්‍රියාත්මකයි.

මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් ඊයේත් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *