“ලංකාවට කොයි පැත්තෙන් හරි ගුටිකන්න වෙනවා..”

ජීවිත බේරා ගැනීමට සඳහා සිදු කරන ඕනෑම කාර්යයකට තමා සහයෝගය ලබාදෙන බවත්, කිසිදු රටකට පක්ෂාග්‍රාහීව කටයුතු නොකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මෙම අදාහස් පල කළේ, අනාගත වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (06) පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙරට වරායන් වෙනත් රටවලට ලබාදිමෙන් සිදුවන්නේ, වෙනත් රටවලින් ලංකාවට ප්‍රහාර එල්ල කරන බ්වද ඔහු එහිදී සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,

“ජීවිත බේරගන්න කරන ඕනෑම කාර්යකට අපි සහය දෙනවා. අපි පැත්තක් ගන්න ඕනේ නෑනේ. අපේ යුද්ධෙකුත් නෙවෙයිනේ. ඒක නිසා අපි පැත්තක් ගන්න ඕනේ නෑ. එහෙම වුනොත් යම් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. පක්ෂාග්‍රාහී නොවිය යුතුයි. අපේ වරායක් පාවිච්චි කරාම කොයි පැත්තන් හරි ගුටිකන්න වෙනවා. යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන එකටමයි කරන්න තියෙන්නේ…”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *