“ලැබුණු බලය ආපහු දෙන්න වුණොත් දෙන්නේ මහජනතාවට පමණයි…”

තම රජයයට ලැබුණු ජනතා බලය ඉතාම පහසුවෙන් නැවත වරක් පැරණි දූෂිත, චෞර දේශපාලන කණ්ඩායමට ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නිලන්ති කොට්ටහච්චි මහත්මින පවසනවා.

එසේම එම බලය ආපසු ලබා දෙන්නට අවශ්‍ය වුවහොත් මහජනතාව වෙතම ඉතාම ගෞරවයෙන් ලබා දෙන බවද, සිහින ජනාධිපතිවරුන්ට ඒ සඳහා අවස්ථාවක් නොමැති බවද ඇය ප්‍රකාශ කළා.

නිලන්ති කොට්ටහච්චි මගත්මිය මෙම අදහස් ප්‍රකාශ කලේ ඊයේ(25) කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත ජන හමු මාලාවක් සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පසුගිය දිනක සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධවද ඇය එහිදී අදහස් දැක්වුවා.

ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමින් ජන රැලි පවත්වමින්, ජනතාව සමඟ සමීප වීමට කටයුතු කරන්නේ තම දේශපාලන කණ්ඩායම ප්‍රාදේශීය මට්ටමින් ජනතාව සමග කටයුතු කරමින් සිටීම හේතුවෙන් බව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණා.

එයට පිළිතුරු ලබා දෙමින් නීතීඥ කොට්ටහච්චි මන්ත්‍රීතුමිය සඳහන් කලේ, එය ඉතාම විහිළු සහගත ප්‍රකාශයක් බවයි.

එසේම තම දේශපාලන ව්‍යාපාරය ආරම්භයේ සිටම බිම් මට්ටමේ මහජනතාව සමඟ දේශපාලන කටයුතු සිදු කළ බවත් එය අමුතුවෙන් කළ යුතු දෙයක් නොවන බවත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *