ලොව ප්‍රකට චින්පන්සි පර්යේෂිකාව මියයයි

චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී තිබේ.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිය යන විට ඇය 91 හැවිරිදි වියේ පසු වුණි.

චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් එමඟින් පෙර පැවති මතවාදයන් වෙනස් කිරීමට ද හැකියාව ලැබී තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *