වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන ඇමතිගෙන් පොරොන්දුවක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා රජය පොරොන්දු වූ රුපියල් 1,700 ලබා දීමට රජය කැප වෙන බව  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඒ සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

“ලයිමේ සිටින්නේද මනුෂ්‍යයෝය. ඒ නිසා අපි කියනවා ඉඩමක් දෙනවා විතරක් නෙමෙයි වතු කම්කරුවන්ට අපි පොරොන්දු වෙච්ච ආකාරයට දෛනික වැටුප රුපියල් 1,700 දක්වා කොහොම හරි අරගෙන එනවා කියන පොරොන්දුව මම ඔබ තමුන්නාන්සේලාට දෙනවා. ඔබට මේ හැදෙන නිවස වර්ග අඩි 550කින් යුක්ත අංග සම්පූර්ණ නිවසක්.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *