වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

සීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වනඅලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිහින්තලය පොලීසිය සමත්ව තිබේ.

වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වුණි.

මෙම හිංසාවට ලක්වූ වනඅලියා මිහින්තලය පොලීස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටි අතර අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වු රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නියගමනය කර ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව ඊයේ (17) දින සවස මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියාට ගිනි තබා සත්ත්ව හිංසාව සිදුකිරීමේ වරදට මිහින්තලය පොලීසියේ නිලධාරීන් විසින් අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ව අද (18) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *