ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය ඉන්දියාවේ මුම්බායි නුවර පැවති 27 වන CEAT ක්‍රිකට් සම්මාන උළෙලේදී “වසරේ ටෙස්ට් පන්දු යවන්නා” ලෙස නම් කර තිබෙනවා.
ඔහුට මෙම සම්මානය හිමි වූයේ, ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ඔහු වසර පුරා දැක්වූ සුවිශේෂී දස්කම් වෙනුවෙන්.
මෙම සම්මානය හරහා ඔහුගේ පන්දු යැවීමේ නිවැරදිභාවය, ස්ථාවරත්වය මෙන්ම තරග වෙනස් කිරීමේ හැකියාව ද අගය කොට තිබෙනවා.
ප්‍රභාත් ජයසූරිය පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගවලදී ලැබූ සාර්ථකත්වයන් සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කළ ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනවා.
ක්‍රිකට් ලොව ප්‍රකට විචාරකයන් සහ ශ්‍රේණිගත කිරීම් අනුව මෙම තේරීම සිදු කර ඇති බව සඳහන්.
එමෙන්ම මෙම සම්මාන උළෙලේදී වසරේ “CEAT පිරිමි ටෙස්ට් පිතිකරුවා” ලෙස එංගලන්ත කණ්ඩායමේ හැරී බෲක් (Harry Brook) නම් කිරීමට කටයුතු කර තිබුණා.



