වාහන ආනයන ආදායම ගැන පුදුම හිතෙන රජයේ හෙළිදරව්ව

මෙරටට වාහන ආනයනය කිරීම තුළින් රජය රුපියල් බිලියන 441ක ආදායමක් බලාපොරොත්තු වූ අතර, මේ වන විට රුපියල් බිලියන 904ක ආදායමක් ලැබී ඇති බව අද (20) පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙම තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙළි කළේය.

මෙහිදී මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රශ්න කළේ, දින 90ක් ඇතුළත ආනයනය කරන ලද වාහන රේගුවෙන් නිදහස් කිරීමට 3%ක බද්දක් එකතු වන බවත්, මාස 5ක කාලයක් තුළ එය 45%ක් දක්වා වැඩි වන බවත්, එමඟින් පාරිභෝගිකයාට අමතර මුදලක් දැරීමට සිදුවන බවත්ය.

එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වාහන ආනයනයේදී ආනයනකරුවන් වෙත මෙම අධිභාරය පැනවීමේ අරමුණ වන්නේ රට තුළ විදේශ විනිමය රඳවා ගැනීම බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *