වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එමෙන්ම, එම ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බවයි.
මීට පෙර, වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.



