ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළදීම පහරදීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් තුළදී ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබි ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබු යූ.එල් 266 දරණ යානයේ සිටි ගුවන් මගියෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලීසිය පැවසුවේය. යානය කටුනායක ගුවන් තොටුපොළ […]

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එමෙන්ම, එම ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් […]

හෙට සුළි කුණටුවක් ගැන අනතුරු ඇඟවීමක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ත්‍රීකුණාමලය සිට කිලෝ මීටර 800 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතිය අද(26) දින ගැඹුරු පීඩන අවපාතයක් සහ හෙට(27) දින සුළි කුණාටුවක් සහ 28 වන දින උදෑසන චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය […]

වැලිගම ඝාතනයේ සැකකරු අල්ලන්න මහජන සහාය පතයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. පසුගිය 22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළේය. එම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ […]

වැලිගම සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

කෝලි නිසා අනුෂ්කා බැනුම් අහලා

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි, ඔස්ට්‍රේලියාවට එරෙහිව පිට පිට එක්දින (ODI) තරඟ දෙකකදී ලකුණු ලබා නොගෙන දැවී යාමෙන් පසු, ඔහුගේ බිරිඳ වන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා නැවත වරක් අන්තර්ජාල වෛරී ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. කෝලි සිය වෘත්තීය ජීවිතය තුළ ඔස්ට්‍රේලියාවට එරෙහිව පිට පිට එක්දින තරඟ දෙකකදී ලකුණු නොලබා දැවී ගිය පළමු අවස්ථාව මෙයයි. වසර ගණනාවකට පසු […]

විරාත් කෝලිගෙන් එක්දින වාර්තා දෙකක්

සිඩ්නි ක්‍රිකට් පිටියේ (SCG) ඊයේ (25) පැවති ඉන්දු – ඔස්ට්‍රේලියා එක්දින තරගයේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි එක්දින ක්‍රිකට් වාර්තා පොත නැවත ලියමින් විශිෂ්ට දස්කම් රැසක් වාර්තා කිරීමට සමත් වුණා. එහිදී ඔහු එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 14,255ක් ලබා ගනිමින්, කුමාර් සංගක්කාර (ලකුණු 14,234) අභිබවා යමින්, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් […]

ලූවර් මහා කොල්ලයෙන් ඉස්සූ පුංචි ඔටුන්නේ ‘ලංකාවේ නිල් මැණික්’

‘ලූවර් මහා ස්වර්ණාභරණ කොල්ලයට’ හසුවූ ප්‍රංශයේ අවසන් වරට රජකම් කළ මේරි ඇමිලි රැජින සහ හෝරටෙන්ස් රැජින පැළඳි ඔටුන්නේ ශ්‍රී ලංකාවෙන් ගෙනගිය සිලෝන් සෆායර් ලෙසින් හැඳින්වෙන නිල් මැණික් 24ක් ඔබ්බවා සැකසූවක් බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පවසා තිබෙනවා. එම කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියේ තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ඔටුන්නේ දියමන්ති 1,083ක ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව ද සඳහන්. […]

වැලිගම සභාපතිගේ අවසන් කටයුතු අද

ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදීයි. දේහය උදෑසන 11 ට වැලිගම ප්‍රාදේශීය සභාව වෙත රැගෙන යාමට ද නියමිතව තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර සිය කාර්යාලය තුලදීම වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය බදාදායි. කෙසේ වෙතත්, මේ වන විටත් ඒ […]

යාල් දේවී නියාමක රාජකාරි වෙලාවේ සූර් වෙලා

යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා රාජකාරි වේලාවේදී මත්පැන් පානය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (25) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය පස්වරු 2.40ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවීමෙන් පසු, අදාළ ප්‍රධාන නියාමකවරයා මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම මත […]