වැලිබල් ෆිනෑන්ස් වෙතින් රු. බිලියන 2.7ක වාර්තාගත ලාභයක්

2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ රුපියල් බිලියන 2.7ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත්ව ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 50%ක කැපී පෙනෙන වර්ධනයකි.

සමාගමේ සමස්ත වත්කම් පදනම රු. බිලියන 143 දක්වා 28%ක වර්ධනයක් ලැබීම, අක්‍රිය ණය අනුපාතය (NPL) 5.19% සිට 2.78% දක්වා විශාල ලෙස පහත ගොස් තිබීම, කොටස් මත ප්‍රතිලාභය (ROE) 21.77% දක්වා වර්ධනය වීම, සහ සමාගමේ ස්ථාවරත්වය තහවුරු කරමින් ණය ශ්‍රේණිගත කිරීම්හි A- (LRA) දක්වා ඉහළ නංවා තිබීම.

කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව මහතාගේ නායකත්වය යටතේ, දිවයින පුරා විහිදුණු ශාඛා 87ක් සහ නවීන ඩිජිටල් මූල්‍ය විසඳුම් හරහා පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට වැලිබල් ෆිනෑන්ස් සමත්ව ඇත. මෙය මූල්‍ය ක්ෂේත්‍රයේ ඔවුන්ගේ අද්විතීය ස්ථාවරත්වය නැවතත් සනාථ කිරීමකි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *