වැසිකිළි වලට වැටුණු සද්ධන්තයා ගොඩගනී

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහරඹෑවැව හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් අසල වූ වැසිකිළි වලකට ඊයේ (21) රාත්‍රි කාලයේදී වන අලියෙකු වැටී ඇතැයි රිටිගල වනජීවී කාර්යාලය පවසයි.
මෙම වන අලියා පිළිබඳව එම නිවසේ අය දැනුවත් කිරීමෙන් පසු මොරගොඩ සහ රිටිගල වනජීවී කාර්යාලවල නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද (22) උදෑසන බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් මෙම වන අලියා ගොඩට ගෙන හුරුළු රක්ෂිතය වෙත පළවාහැරීමට කටයුතු කළේය.
වන වනඅලියා වයස අවුරුදු 10-15 ත් අතර පසුවෙන ගැහැනු සත්වයෙකු බව වනජීවි නිලධාරීන් පවසයි

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *