විදුලි ගාස්තු සංශෝධන ගැන කොමිසමේ අවසන් තීන්දුව ලබන 14 දෙයි

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළව අවසන් තීරණය ලබන 14 වන දා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

2025 වසරේ අවසන් කාර්තුව සඳහා 6.8%කින් විදුලිය ගාස්තු වැඩි කළ යුතු බවට පසුගිය අගෝස්තු 27 වන දා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳව පළාත් මට්ටමින් වාචික මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය පසුගිය මස 18 වන දා සිට අද (08) දිනෙන් අවසන් වේ.

මෙම ක්‍රියාවලියෙන් පසු කොමිෂන් සභාවේ සමාලෝචනය අවසන් කර මේ වසරේ අවසන් කාර්තුවට අදාළ ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පළාත් මට්ටමින් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමේ අවසන් දිනය වන අද දවස පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමෙන් පසු එම ක්‍රියාවලිය අවසන් වනු ඇති බවත් අද පැවැත්වෙන මහජන උපදේශනයට ලියාපදිංචි වී ඇති 50 දෙනා සමග 550 දෙනකු පමණ වාචික අදහස් දැක්වීමට ඉදිරිපත් වූ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තොරතුරු අනුව වාර්තා වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *