පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ක්‍රියාත්මක වූ විදුලි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට වෘත්තීය සමිති එකඟතාව පළ කර තිබෙනවා.
කම්කරු කොමසාරිස්වරයා සහ නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග අද (11) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබුණා.
එහිදී ලැබුණු වැදගත්ම එකඟතාව වන්නේ, වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා හෙට (12) දිනයේ අවස්ථාව සලසා දීමට කම්කරු කොමසාරිස්වරයා පොරොන්දු වීමයි.
දින දෙකක් පුරා පැවති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර, අත්‍යාවශ්‍ය සේවා නඩත්තු කටයුතු පවත්වාගෙන යාමට ද දැඩි බාධා එල්ල වුණා.



