විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස දන්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් කථානායකවරයා වෙත භාර දී තිබේ.

අද (12) පාර්ලිමේන්තුවේදී මෙම ලිපිය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇත.

අදාළ ලිපිය මගින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් මෙම ලිපිය විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයා වෙත භාර දී තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *