විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායකවරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

මෙම සංචාරය අතරතුර විපක්ෂනායකවරයා ඉන්දීය රජයේ ඉහළ පෙළ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව එම මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමෙන් පසුව ඉන්දියාවේ සිදු කළ පළමු නිල සංචාරය මෙය වන අතර එහිදී නිල උත්සව කිහිපයකටද සහභාගී වීමටත් නියමිතය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *