විශ්ව කොඩිකාර කොකේන් ළග තබා ගැනීමට වරද පිළිගනී..

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වරදට රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය විසින් අද (17) මෙම දඩ නියම කර ඇති අතර, ඒ විශ්ව කොඩිකාර අධිකරණය හමුවේ අදාළ චෝදනාව පිළිගැනීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියට අදාළව විශ්ව කොඩිකාර ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක සිදුකළ පොලිස් වැටලීමකදී.

වැල්ලවත්ත පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් පිරිස අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණයේදී කරුණු දක්වමින් වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය සඳහන් කර ඇත්තේ, විශ්ව කොඩිකාර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 1,050ක් සොයාගත් බවයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය විසින් ඔහුට රුපියල් 5,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

එමෙන්ම, මෙවැනි වරදකට යළිත් වරක් අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවුවහොත් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරන බවට මහේස්ත්‍රාත්වරිය විශ්ව කොඩිකාර ඇතුළු පිරිසට අවවාද කර ඇති බව සඳහන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *