විශේෂ කාරක සභාවක් ඉල්ලූ සජබ යෝජනාව කථානායකවරයාට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කථානායකවරයාට යෝජනාවක් බාර දී තිබේ.

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් යෝජනාවක් ඊයේ අත්සන් තබන ලදි.

මේ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අත්සන් තබන ලදී. 

ඒ අනුව එම යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට බාර දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන ලදී.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *