ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන ඔස්ට්රේලියානු තරග සංචාරයේ දී එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් නිත්ය නායක රෝහිත් ශර්මා ඉවත්කර ඇති අතර, ඒ සඳහා ශුබ්මන් ගිල් නම්කර තිබේ.
එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස මැදදී ඔස්ට්රේලියානු සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා වන එක්දින සංචිතය අද (4) නම්කළ අතර, එම සංචිතයේ මෙලෙස ශුබ්මන් ගිල් නායකයා ලෙසත් ශ්රෙයාස් අයියර් උපනායකයා ලෙසත් නම්කර තිබේ.
කෙසේ නමුත් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ලැබුවද, ඔහු එක්දින සංචිතයට නම් කර ඇත. ඊට අමතරව විරාට් කෝලිද නම්කර තිබේ.
මෙම වසරේ මාර්තු මස පැවති ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරයෙන් පසු රෝහිත් මෙන්ම කෝලි ඉන්දියාව නියෝජනය කරමින් කිසිදු අන්තර්ජාතික තරගාවලියක් ක්රීඩාකර නොමැති වීම සුවිශේෂිය.
2024 වසරේ විස්සයි20 ලෝක කුසලාන ජයග්රහණයෙන් පසුව විස්සයි20 සහ ඉන් අනතුරුව ටෙස්ට් පිටියට සමුදීමට විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා කටයුතු කළේය.




