ශ්‍රී ලංකාව ආසන්නයේ සුළි කුණාටුවක්

ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය අද ( 27) මීට කෙටි වේලාවකට පෙර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කරයි.

මෙම නව සුළි කුණාටුව “දිත්වා” (Ditwah) ලෙස නම් කර තිබේ.

මෙම නාමය යේමනය විසින් යෝජනා කරන ලද්දකි. සුළි කුණාටු නම් කිරීමේ ක්‍රියාවලියට අනුව, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ මණ්ඩලයේ සාමාජික රටවල් විසින් සකස් කරන ලද පූර්ව අනුමත ලැයිස්තුවක මෙම “දිත්වා” නම අන්තර්ගත වී තිබුණි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මෙම සුළි කුණාටුවේ වර්ධනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය කිහිපය තුළදී තවත් නිවේදන නිකුත් කිරීමට නියමිත අතර, ජනතාව සහ ධීවර ප්‍රජාව අඛණ්ඩව අවධානයෙන් පසුවන ලෙස  දැනුම්දෙයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *