ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කර්ස්ටන් පත් කර තිබෙනවා.  

ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ලබනවා.  

මෙම පත්කිරීම ලබන මස 15වෙනිදා සිට බලාත්මක වනවා.

ගැරි කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම 2011 වසරේදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.  

ඔහු එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2008 සිට 2011 දක්වා කටයුතු කළා.  

2011 වසරේ සිට 2013 දක්වා කාලය තුළ ගැරි කස්ටන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2013 වසරේදී ඔවුන් සෑම ක්‍රිකට් ආකෘතියකම ලොව අංක 01 කණ්ඩායම බවට පත්වුණා.

නිමාවට පත් වූ  විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමිබියා කණ්ඩායමේ උපදේශකවරයා ලෙස ගැරි කර්ස්න් කටයුතු කළා. 

1993 සිට 2004 දක්වා කාලයේදී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු එහිදී එක්දින සහ ටෙස්ට් ලකුණු 14,087ක් රැස්කරගත්තා.

ඊට ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක් ඇතුළත් වනවා. 

ගැරි කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට මුහුණදීමට නියමිතයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *