“මෝඩ කතාවක් කිව්වා කියලා ෆේස්බුක් එකෙන් මට බනිනවලු..”

“අපිට මොකටද ලිංගික අධ්‍යාපනය, අපට ඕන නැහැ ලිංගික අධ්‍යාපනය” ලෙස සදහන් කරමින් රැස්ව සිටි සංඝයා වහන්සේලා අමතමින් පසුගියදා කොළඹ බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේ පැවති සංඝ සමුළුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාට විවිධ පාර්ශ්ව විසින් දෝෂාරෝපණ එල්ල කරන බව මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා. එම ප්‍රකාශයේ යම් දෝෂයක් තිබේ නම් එම දෝෂය ඇති වී ඇත්තේ තමාගෙන් […]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කර්ස්ටන් පත් කර තිබෙනවා.   ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ලබනවා.   මෙම පත්කිරීම ලබන මස 15වෙනිදා සිට බලාත්මක වනවා. ගැරි කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම 2011 වසරේදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.   […]

CEB වෙනුවට ආපු EDL

2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන්හි වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පවරා තිබෙනවා. විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ […]

ඉන්ධන මිලෙහි සංශෝධනයක්

අද (09) මධ්‍යම රාත්‍රියේ  සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.  ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක් වේ.  සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.  ඒ අනුව එහි නව මිල […]

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් අසුබ ආරංචියක්

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේ (කෝපා කමිටුව), මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය නිසි පරිගණක දැනුමක් නොමැති නිලධාරින් විසින් පවත්වාගෙන යනු ලබන බව අනාවරණය වී තිබේ. මෙම හෙළිදරව්ව, කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නායකත්වයෙන්, දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවමින් සිදු වූ විමර්ශන අවස්ථාවේදී සිදු විය. දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති වංචා, දූෂණ […]

උද්ඝෝෂණය කරාට විමල් ඇතුළු පිරිසට වැඩ වරදී

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාවට අදාළ නඩුව එළඹෙන මාර්තු 18 වැනිදා නැවත කැඳවන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (09) දින නියෝග කර ඇත. ඒ අනුව හිටපු […]

“විජිතගේ ඉංග්‍රීසි එහෙ අයට තේරිලා තියනවා මෙහෙ උන්ට තේරිලා නෑ..”

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පසුගියදා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවති සම්මුඛ සාකච්ඡාවේදී, ඔහුට හැකි ආකාරයෙන් පිළිතුරු ලබා දී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසනවා. ඒ අනුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ඒ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වූ විදේශ රටවල ඉන්නා අයට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළ දේ වැටහී ඇති […]

ලංවිම අහෝසි වෙයි.. අලුත් සමාගම් 6 අද සිට බලාත්මකයි

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වනවා. ඒ එම මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් විමත් සමගයි. ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග […]

සජින් වාස් රිමාන්ඩ්

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදිය. UPDATE නීතිවිරෝධි වත්කම් ඉපයීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් […]