2020 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට (හිටපු) අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 08) අවසර ලබා දී තිබේ.
අදාළ සිදුවීමේදී කිසිදු සාධාරණ සැකයක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගත් බවට මෙම නිලධාරීන් පෙත්සම් මගින් චෝදනා කර ඇත.
ශානි අබේසේකර මහතාට අමතරව, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම්. ප්‍රේමතිලක යන මහත්වරුන් විසින් ද පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව, මහින්ද සමයවර්ධන මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ඒ අනුව, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය



