ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ කාන්තා අංශයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පවසනවා.

රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ඇයව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කළා.

ඊයේ පස්වරුවේ බන්ධනාගාර බස් රථයකින් මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ ඇයව අධිකරණ නියෝග මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත යොමුකිරීමට පියවර ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළ අතර, ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *