සජබය සමඟ සාකච්ඡා කිරීමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පක්‍ෂය සමඟ සාකච්ඡා කිරීමට එජාපය ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම කමිටුව නියෝජනය කරන බව එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *