“සජිත්ද? AI සජිත්ද?” – සභානායකගේ ප්‍රශ්නයට සජිත්ගෙන් උත්තරයක්

කෘතිම බුද්ධිය (AI)  විෂයයක් ලෙස මෙරට විෂය නිර්දේශයට ඇතුළත් කර දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සභානායක බිමල් රත්නායක මහතා විසින් විපක්ෂ නායකවරයාගේ දීර්ඝ කරුණු දැක්වීම් විවේචනය කරමින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කලා.

වත්මන් ගෝලීය යුදමය තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන ආරක්ෂාව තහවුරු කිරීම සහ පිරිවැය කළමනාකරණය පිළිබඳව ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා අද සභාවේදී කරුණු විමසා සිටියා.  

එහිදී ඉන්ධන ආනයනයේ සිට පිරවුම්හල් දක්වා ප්‍රවාහනයට වැයවන පිරිවැය පිළිබඳ දත්ත විමසමින් විපක්ෂ නායකවරයා විනාඩි හතරකට අධික කාලයක් කරුණු පැහැදිලි කිරීමක නිරත වුණා.

විපක්ෂ නායකවරයාගේ දීර්ඝ කරුණු දැක්වීම් හමුවේ අසුනෙන් නැගිටි සභානායක බිමල් රත්නායක මහතා, “මේ කතා කරන්නේ AI සජිත් ප්‍රේමදාසද නැත්නම් ඇත්ත සජිත් ප්‍රේමදාසද?” යනුවෙන් උපහාසාත්මකව ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, සභානායකවරයාට පෙනී සිටීමේ දුර්වලතාවයක් ඇති බවත්, අග්‍රාමාත්‍යතුමිය ද අසල සිටින බැවින් AI තාක්ෂණය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කර දරුවන්ට අධ්‍යාපනය දීමට පියවර ගන්නා ලෙසට යෝජනා කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, මීට පෙර විපක්ෂ නායකවරයා සබ්මැරීන පිළිබඳව දේශනයක් පැවැත්වූ බවත්, දැන් AI පිළිබඳව ද වෙනම දේශනයක් පැවැත්වීමට ඔහුට හැකි බවයි.

 කතා කිරීමට මෙතරම් කාලයක් වැය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සභානායකවරයා මෙහිදී අවධාරණය කළා

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *