සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කොන්ගහගේ සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වූ බරපතළ චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් අද (07) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

විමර්ශන අංශ පෙන්වා දෙන පරිදි මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රධාන චෝදනා කිහිපයක් එල්ල වී තිබේ. එහිදී අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් නීති විරෝධී ලෙස පුද්ගලයින් පිරිසක් රූපවාහිනී සංස්ථාවට බඳවා ගැනීමත්, එලෙස බඳවා ගත් පිරිස සංස්ථාවේ රාජකාරි සඳහා යොදවනවා වෙනුවට එවකට සිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යෙදවීම මගින් බරපතළ ලෙස රාජකාරි අවභාවිත කිරීමත් සිදුකර ඇති බව සඳහන් වේ.

රජයේ ප්‍රතිපාදන මගින් වැටුප් ගෙවමින් මෙම සේවකයින් බාහිර පාර්ශවයක අවශ්‍යතා වෙනුවෙන් යෙදවීම තුළින් රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු කර ඇති බවටද අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවත්වන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *