“සැකයක් තියා ගන්න එපා! පොරොන්දු වුණු සහන අනිවාර්යයෙන් දෙනවා”

පෙර පැවති ආණ්ඩුවලට වඩා සහනාධාර ගසා කෑම මේ මොහොතේ ඉතා ම අවම බව ත් එවැනි ගසා කෑම් සිදුවන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන බව ත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

ලේකම්වරයා පෙන්වා දුන්නේ, ස්ථිර වශයෙන්ම රජය පොරොන්දු වූ සහන නිසැකවම ජනතාවට ලබාදෙන බව ය.
වත්මන් ආණ්ඩුව දූෂණයෙන් හා නාස්තියෙන් තොර වීම හේතුවෙන් ජාත්‍යන්තරය වත්මන් ආණ්ඩුව පිළිබඳව විශ්වාසය තබා ඇති බැවින් ඔවුන්ගෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලැබුණු බව ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේ ය.

ඔහු පැවසුවේ, ඒ අනුව දෙස් – විදෙස් මට්ටමින් විවිධ සහන මේ වන විට ලැබී ඇති අතර ඉදිරියේදීත් එවැනි සහන ලැබෙනු ඇති බව ය.

ඔහු මෙසේ ද පැවසීය.

“ආණ්ඩුවක් විදිහට අපිට කරන්න පුළුවන් උපරිම දායකත්වය මැදිහත් වීම කළා. මීට අදාළ සියලු දෙනා මැදිහත් වුණා. රාජ්‍ය යාන්ත්‍රණය වගේ ම සිවිල් සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන පොදු ජනතාව පීඩාවට පත් ජනතාවට සහන දෙන්න මැදිහත් වුණා. ඒක වෙන රටවලට සාපේක්ෂව අපි ඉහළ තැනක ඉන්නවා. අපි හොරකම් නොකරන, නාස්ති නොකරන ආණ්ඩුවක් ලෙස ජාත්‍යන්තරයේ සහාය ලැබුණා. ඒ වගේ ම ඉදිරියේදීත් දෙස් – විදෙස් උදවු උපකාර අපිට ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි ආදායම් එකතු කරලා බදු එකතු කරල භාණ්ඩාගාරය ශක්තිමත් කළා. ආධාර යහමින් දුන්නා. පුංචි ගාණක් දීලා ඒ පුද්ගලයන්ගේ හිත හදනවට වඩා ඔවුන්ට ගැළපෙන මුදලක් හා සහන අපි ලබාදෙනවා. ඉදිරියේදී විවිධ අය අපිට උදව්‍ කරයි.”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *