සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය වසාදැමේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වනවිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (26) ප.ව. 4 සිට වසාතැබීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ.

සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ දිග්ගල ප්‍රදේශයේ කිලෝමීටර් 35-37 කනු අතර ප්‍රදේශය මේ වනවිට අඩි 02ක් පමණ ජලයෙන් යටව පවතී.

උදෑසන එම මාර්ගය පැවති සුළු ජල මට්ටම හේතුවෙන් සැහැල්ලු වාහන සදහා රථ වාහන ධාවන කටයුතු අත්හිටුවීමට පුලස්තිපුර පොලීසිය විසින් කටයුතු කළේය.

කෙසේ නමුත් සවස වනවිට ජල මට්ටම වැඩිවීම හේතුවෙන්  මෙලෙස එම මාර්ගයේ සියලු රථ වාහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය විසින් පියවරගෙන ඇත.

මෙම ගංවතුර තත්ත්වය සැලකිල්ලටගෙන ඓතිහාසික සෝමාවතිය පුදබිම වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් මෙම දින කිහිපය පසුකර ඒ සඳහා පැමිණෙන ලෙසත් මහවැලි ගංගාව දෙපස සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් දන්වා සිටි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *