වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.
මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස භාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බව වාර්තා වේ.



