හල්දුම්මුල්ලේදී බස් රථයක් පෙරළෙයි: රියැදුරු මරුට

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළීමෙන් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් බස් රථයේ රියැදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු අසුන පිහිටි ස්ථානයේ දොර හදිසියේ විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වනවා.

එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙක් සහ කාන්තාවක්ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු ආසන පටි පැළඳ නොසිටි බව පොලිසිය පවසනවා.

අනතුර නිසා මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර එම අවහිරතාව යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *